යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනයට...

ජූනි 10, 2022

    යල කන්නයට අවශ්‍ය ක්‍ෂණික යූරියා පොහොර මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 55ක ණයක් ලබාදීමට ඉන්දියාව එකඟවී තිබෙනවා.

    යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනයට නියමිතයි. ඉන්දීය එක්සිම් බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත් නරේන්ද්‍ර වෙඩ් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්. සිරිවර්ධන යන මහත්වරුන් ඊට අදාල ගිවිසුමට අද (10) අත්සන් තැබුවා. මෙරට ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණදී අති බැවින්, ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ප්‍රමුඛතාවය විය යුතු බවයි, අමාත්‍යවරයා මීට පෙර පෙන්වාදී තිබුණේ. මෙම ණ්‍ය පහසුකම ඉදිරි යල කන්නය සඳහා යූරියා පොහොර ලබාගැනීමට යොදා ගැනීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News