සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ඔක්තෝබර් 24වැනිදා ශ්‍රී ලංකාවේදී...

ජූනි 11, 2022

    සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ලබන ඔක්තෝබර් 24වැනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

    එය සංවිධානය කෙරෙන්නේ සැපයුම් සහ ද්‍රව්‍ය කළමණාකරණ ආයතනයට වසර 50ක් නිමිත්තෙන්. මේ පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. සමුළුව සඳහා දෙස් විදෙස් වෘත්තීය ප්‍රවීණයන් සහභාගී වීමට නියමිතයි. "නව්‍ය සහ තිරසර සැපයුම්දාම විසඳුම් තුළින් ආර්ථිකය නගාසිටුවීම" එහි තේමාවයි.

    Last modified on සෙනසුරාදා, 11 ජූනි 2022 13:19

    Latest News