කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිලක් (වීඩියෝ)

ජූනි 11, 2022
  • කැකුළු සහල් සඳහා රජය උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

    ඒ අනුව, දේශීය සුදු සහ රතු කැකුලු සහල් කිලෝග්‍රෑමයක උපරිම මිල රුපියල් 210.00ක්. මිල නියම කිරීම ඊයේ (10) සිට ක්‍රියාත්මකයි. ඊට අදාල ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කර තිබෙනවා. උපරිම සිල්ලර මිලට වැඩියෙන් කැකුලු සහල් අලෙවි කිරීම, සැපයීම, අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කිැරීම නොකළයුතු බව එම අධිකාරිය දැනුම් දෙනවා.

    Last modified on සෙනසුරාදා, 11 ජූනි 2022 15:42

    Latest News