මැයි සිට සැප්තැම්බර් දක්වා මාස 5ක කාලයක් පුරා මෙම සුන්දර දර්ශනය දැකගත හැකි බවයි, ජාතික වනෝද්‍යාන බාරකරු පී.කේ.පී.එම්. ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ. 1997 අගෝස්තු 12 වැනි දින ජාතික වනෝද්‍යානයක් ලෙස මින්නේරිය ජාතික වනෝද්‍යානය නම් කෙරුණා. එය, වනජීවි අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1938 වසරේදී. හෙක්ටයාර 8889ක භූමියක් පුරා පැතිර පවත්නා අභයභූමිය, මෙරට පිහිටි සුන්දරම වනෝද්‍යානවලින් එකක්.
ආසියාවේ විශාලතම වන අලි රංචු පිටින් එකවර මෙහිදී නැරඹිය හැකිවීම විශේෂත්වයක්. ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ අලි රංචු නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයන් මහත් උනන්දුවක් දක්වනවා. මින්නේරිය වැව් පිටියේ කෙළිදෙළින් තෘණ ආහාරයට ගන්නා වන අලි රංචු නෙත් පිනවන චමත්කාර දසුනක්. සංචාරකයින්ගේ පැමිණිමත් සමඟ දෛනික ආදායම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන බවයි, වනෝද්‍යානයේ බාරකරු ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ...