තඹලගමුවේදී වලසෙකුගෙන් බේරීමට ගසට නැගි තරුණයාට සිදුවූ දේ (වීඩියෝ)

ජූනි 18, 2022
  • වලසෙකුගෙන් දිවි ගලවා ගැනීමට තඹලගමුව ඊච්චම්කුලම් වැව් රක්ෂිතයට දිව ගොස් අතරමංවූ තරුණයෙකු සොයා පොලිසිය හා යුද හමුදාව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමට කටයුතු කළා.

    අතරමංව ඇත්තේ තඹලගමුවේ පදිංචි සාහුල් රිස්වාන් නැමති 22 හැවිරිදි තරුණයෙක්. ඔහු ඉකුත් 16 වැනිදා යහළුවන් දෙදෙනෙකු හමුවීමට ඊච්චන්කුලම් වැව් රක්ෂිතයට පැමිණ තිබෙනවා. එහිදී පැමිණි වලසෙකුගෙන් බේරීමට තරුණයා රක්ෂිතයට දිවගොස් තිබේ. අනතුරුව ඔහු ගසක් මතට නැග සිය නිවසට ඇමතුමක් දී, සිද්ධිය පිළිබඳව දැනුවත් කර ඇතැයි වාර්තා වුණා. අනතුරුව තරුණයා සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර තරුණයා පසුව සොයාගැනීමට හැකිවුණා. 

    Last modified on සෙනසුරාදා, 18 ජූනි 2022 18:56

    Latest News