බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය ජනපති අතින්

මාර් 10, 2019

    මහනුවර, අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමළු විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දොළොස් රියන් හිටි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ පැවැත්විණි.

    දඹදෙණිය රාජධානි සමයේ සිට පැවත එන පෞරාණික විහාරස්ථානයක් වන මෙම විහාරස්ථානය දෙතිස්ඵල බෝධින් වහන්සේලා තුන් නමක් වැඩ සිටින වන්දනීය පුදබිමක් ලෙස ප‍්‍රචලිතය. අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා අභිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළේය.

     

    අභිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත ප‍්‍රථම පුෂ්පෝපහාරය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිර්මාණය කළ නිර්මාණශිල්පීන් ද ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් විය. විහාරස්ථ දායක සභාව වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

    රාමඤ්ඥ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ මුලසුන හෙබවූ මෙම පුණ්‍යෝත්සවය අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, විහාරාධිපති පූජ්‍ය කොළඹිස්සේ තිලකසිරි නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එස්. බී. දිසානායක, දිලූම් අමුණුගම යන මහත්වරුන් ද බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට පූර්ණ ධන පරිත්‍යාගය සිදු කළ මනුලත් නන්දන මහතා ඇතුළු සැදැහැවත් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 10 මාර්තු 2019 19:51

    Latest News