වන්දි ලබාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණේ, අම්පාර දිස්ත්‍රික්කයෙන්. වගා බිම් හානිවූ ගොවීන් 307 දෙනෙකුට වන්දි ලබාදීම පී.හැරිසන් සහ දයා ගමගේ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
බෙදාදුන් මුදල රුපියල් මිලියන 16ක්. හෙක්ටයාර් 7,482ක බඩ ඉරිඟු වගාව සේනා දළඹු උවඳුරෙන් විනාශ වී තිබේ. අනෙකුත් දිස්ත්‍රික්කවල විනාශ වූ බඩ ඉරිඟු වගා සඳහා වන්දි ලබාදීම ඉදිරියේ දී සිදු කරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා කියා සිටියේය.