21 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

ජූනි 21, 2022

    සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ මතයේ සඳහන් වන්නේ, එම පනත් කෙටුම්පතේ වගන්ති රැසක්ම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සඳහා සමගි ජනබලවේගය පසුගියදා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ පිළිබඳ පාර්ශව කිහිපයක් ඉදිරිපත් කෙරුණු පෙත්සම් කිහිපයක් සළකා බැලීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය කථානායකවරයා වෙත අද යොමුකර තිබිණ.

    එහි වගන්ති ගණනාවක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84-2 ව්‍යවස්ථාවේ නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් සම්මත කිරීමෙන් පසු 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකින් ද අනුමත කළයුතු බවයි, ශ්‍රේෂඨාධිකරණය දන්වා ඇත්තේ.

    Last modified on අඟහරුවාදා, 21 ජූනි 2022 12:22

    Latest News