මැනිං වෙළඳපොලේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට...

ජූනි 21, 2022

    අද (21) දහවල් පෑලියගොඩ පොලිස් වසමේ මැනිං වෙළඳපොලේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 

    සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පෑලියගොඩ පොලිසිය පවසනවා. මරණකරු වයස අවුරුදු 42ක් වන කොටහේන, කොළඹ - 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මියගිය පුද්ගලයා මැනිං වෙළඳපොලේ පළතුරු කඩ කිහිපයක හිමිකරවෙකු බවයි වාර්තා වන්නේ.

    මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවත්, වෙඩි තැබීම සඳහා ටී56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවත් දැනට සිදුකළ විමර්ශන වලදී නිරීක්ෂණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last modified on අඟහරුවාදා, 21 ජූනි 2022 19:53

    Latest News