අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති, ජනාධිපති ජෝ බයිඩන් හමුවේ...

ජූනි 25, 2022

    අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඊයේ ජනාධිපති ජෝ බයිඩන් මහතා මුණ ගැසී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීම එම හමවේ අරමුණයි. හමුව පැවැත්වුණේ, වොෂින්ටනයේ ධවල මන්දිරයේ පිහිටි ඕවල් ඔෆිස් නැමති ජනාධිපති නිල කාර්යාල පරිශ්‍රයේදී. එහිදී ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ජනාධිපති ජෝ බයිඩන් මහතාට ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙන්ම, රටේ පවතින දුෂ්කරතා සහ අවශ්‍යතා පිළිබඳවද කරුණු පැහැදිලි කර තිබෙනවා. ශ්‍රී ලංකාවට තවදුරටත් අමෙරිකානු සහය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව එහිදී විශේෂ අවධානයට ලක්වූ බව, වොෂින්ටනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා.

    Latest News