සඳුදා සිට පාසල් පැවැත්වෙන ආකාරය...

ජූනි 25, 2022

    කොළඹ හා දිවයිනේ අනෙකුත් නාගරික ප්‍රදේශවල පසුගිය සතියේ නොපැවැත්වූ පැසැල් ලබන 28 අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා පාවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    එම අමාත්‍යාංශය කියා සිටින්නේ අදාළ පැසැල්වල ප්‍රාථමික අංශ පවත්වන දින ගණන ගැන තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට හිමිබන බවයි. එලැඹෙන සතියේ පාසැල්වල අධ්‍යාපන කටයුතු පිළිබඳව දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබෙනවා. ඉකුත් සතියේ ග්‍රාමීය පාසැල් පැවැත්වූ ආකාරයටම සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතා නොපවතීනම් එම පාසැල් සාමාන්‍ය පරිදි පැවැත්විය යුතුයි.

    ඒවායෙහි ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටීනම් විදුහල්පතිවරයා විසින් ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩුවලින් නිදහස් කර, නම්‍යශීලී කාලසටහන් සකස්කල යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. නාගරික ප්‍රදේශවල සිසුන් පාසලට නොපැමිණෙන දින සඳහා මාර්ගගත ඉගැන්වීම්, වැඩ පැවරුම් හෝ නිවෙස් පාදක ක්‍රියාකාරකම් මගින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටයි, අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ. ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු දින ලෙස නොසැලකීමට ක්‍රියාකෙරෙනු ඇති.

    ප්‍රවාහන දුෂ්කරතා මාධ්‍යයේ ඉකුත් සතියෙ පාසැල් කටයුතු පවත්වාගෙන යාමට දායකත්වය දැක්වූ සියලුම විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ප්‍රණාමය පළකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටිනවා.

    Latest News