මහේශාක්‍යගේ දළ කපා ගැනීම සහ මරණය ගැන විමර්ශනයක්

ජූලි 08, 2022

    අනුරාධපුරයේ දී "මහේශාක්‍ය" නැමති හස්තියෙකු මරණාසන්නව සිටියදී එම හස්තියාගේ දළ කපා ගැනීම සහ මරණය සම්බන්ධයෙන් වනජීවි අමාත්‍යාංශය, විමර්ශන ආරම්භ කර තිබෙනවා.‍



    මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීව අමාත්‍යාංශයේ ලේකම්, චන්ද්‍රා හේරත් මහත්මියට දුන් උපදෙස් අනුවයි, එය ආරම්භ කෙරුණේ. හස්තියාගේ මරණය සම්බන්ධව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනටමත් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, නිල සුනඛයින් පවා යොදා ගනිමින් ඇත් දළ කපා ගත් සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. එමෙන්ම, හස්තියා මරණයට පත් වන තෙක් වනජීවී නිලධාරීන් ක්‍රියාත්මක නොවීම හා ඔවු‍න්ගේ රාජකාරිය අතපසුවීමක් සිදුව ඇද්ද යන්න පිළිබඳ විමර්ශනයක් ද ආරම්භ වී තිබෙනවා.

    Latest News