රාජ්‍ය දැව සංස්ථාව, දැව අගුරු නිෂ්පාදනය ආරම්භ කරයි

ජූලි 08, 2022

    රාජ්‍ය දැව සංස්ථාව, දැව අගුරු නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. එය හඳුන්වාදීම, වනජීවි හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරුණා.

    වර්තමානයේ උද්ගතව ඇති ඉන්ධන හා ගෑස් ගැටලුවට විසඳුමක් ලෙසිනුයි, දැව සංස්ථාව විසින් මෙම නිෂ්පාදනය හඳුන්වා දෙනු ලබන්නේ. ඉවතලන දැව කැබලි භාවිතයෙන් ඒවා ‍නිෂ්පාදනය කෙරෙනවා. එම දැව අගුරුවල තාප ධාරිතාව ප්‍රශස්ත මට්ටමක පවතින බවට, කාර්මික තාක්‍ෂණ ආයතනය තහවුරු කර තිබෙනවා. දැව අගුරු කිලෝවක් රුපියල් 130 ක මිලකටයි අලෙවි කෙරෙන්නේ. දැව සංස්ථාව ඉවතලන දැව කැබලි යොදා ගනිමින් දැව අගුරු නිෂ්පාදනයට ඇති හැකියාව සොයා බලන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර උපදෙස් ද ලබා දී තිබුණා. දැව අගුරු සඳහා ඉහළ ඉල්ලුමක් පවතින හෙයින් ඉදිරියේ දී එම නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීමට සැලසුම්කර ඇතැයි, රාජ්‍ය දැව සංස්ථාව පවසනවා.

    Latest News