ඔවුන් වයස අවුරුදු 15, 17,18 සහ 20 වැනි වියේ පසු වූ කොළඹ හා වැල්ලම්පිටිය ප්රදේශවල පදිංචිකරුවන්. තරුණයින් තිදෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා.
පසුගිය 9 වැනිදා ඇති වූ අරගලකාරී සිදුවීමෙන් පසු කොළඹ - කොටුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන්ගේ ග්රහණයට නතු කර ගත්තා.
මේ වන විට එම ස්ථාන ජනතාවගේ නැරඹුම් ස්ථාන බවට පත් කර ගෙන තිබෙනවා. එම ස්ථාන නැරඹීම සඳහා මේ වන විට විශාල පිරිසක් පැමිණෙමින් තිබෙනවා. අරගලකරුවන්ගේ ඉල්ලීම් දිනනතුරු ඔවුන් අරගලය අත්නොහරින බවයි, පවසන්නේ.