අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට හදිසි ඖෂධ ආධාරයක්...

ජූලි 16, 2022

    අමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ ජනතාවට ඩොලර් 908,547 ක් වටිනා හදිසි ඖෂධ ආධාරයක් පිරිනමා තිබෙනවා.

    අමෙරිකාවේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ "හාට් ටු හාට්" ජාත්‍යන්තර ආයතනය ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්කර තිබෙනවා. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ අමෙරිකාවේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව, ප්‍රසිද්ධ ගෝලීය මානුෂීය සංවිධානයක් වන "හාට් ටු හාට්" ඉන්ටර්නැෂනල් ආයතනය මෙම ඖෂධ ද්‍රව්‍ය මෙරට සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කර තිබෙනවා.

    මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් "හාට් ටු හාට්" ඉන්ටර්නැෂනල් ආයතනයේ අනුග්‍රහයෙන් පළමු ඖෂධ සැපයුම් තොගය ඉකුත් 13 වැනිදා කොළඹට ලඟා වුණා. ශ්‍රී ලංකාවේ ජනතාවට එම ඖෂධ නොමිලයේ බෙදාහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ ජනතාවට ආධාර සහ ඖෂධ සැපයීම අත්‍යවශ්‍ය මොහොතක ඊට සහය වීමට "හාට් ටු හාට්" ඉන්ටර්නැෂනල් ආයතනයේ අඛණ්ඩ උත්සහය සහ කැපවීම සම්බන්ධයෙන් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කෘතඥතාව පළ කර තිබෙනවා.

    Latest News