ශ්‍රී ලංකාව සමග සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තුවනවා - IMF

ජූලි 20, 2022

    ශ්‍රී ලංකාව සමග සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා.

    එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝජියේවා මහත්මිය විදෙස් මාධ්‍ය අමතමින් අද මේ බව සඳහන් කළා.  ජපානයේ ටෝකියෝ නුවරදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකා ජනතාවගේ යහපත පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් වන බවයි.

    තම ආයතනයට සාකච්ඡා කළ හැකි මට්ටමේ රජයක් බිහි වූ වහාම තම නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට බලාපොරොත්තු වන බවයි, ඇය සඳහන් කරන්නේ. මේවන විට අවසන් කර ඇති තාක්ෂණික කරුණු පිළිබඳ සලකා බැලූ විට ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ඉතා ඉක්මණින් සාර්ථක කරගැනීමට හැකිවනු ඇති බවට ඇය විශ්වාසය පළ කළා.

    රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අමුත්තෙකු නොවන බවත්, ඔහු සමග මීට පෙරද අන්තර්ජාතික මූල්‍ය අරමුදල සාකච්ඡා පවත්වා ඇති බවත්, ක්‍රිස්ටිනා ජෝජියේවා මහත්මිය සඳහන් කළා. ශ්‍රී ලංකාවේ බලයට පත්වන ඕනෑම පාලනයක් සමග තමා කටයුතු කිරීමට සූදානම් බව ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

    Latest News