හෙට (25) සිට පාසල් සතියට දින 03යි...

ජූලි 24, 2022

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට සිට නැවත ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

    පාසල් පැවැත්වෙන්නේ සතියේ දින තුනක් පමණයි. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වෙන බව, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි. බදාදා සහ සිකුරාදා දිනවල, සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබාදෙන බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. නැතහොත් මාර්ගගත ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

    පාසල් කඩිනමින් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සඳහා පාසල් වෑන් රථ සහ බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කිරීම ඊයේ පස්වරුවේ සිට ආරම්භ කෙරුණා.

    Last modified on ඉරිදා, 24 ජූලි 2022 11:02

    Latest News