ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය...

ජූලි 24, 2022

    ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දීමට සූදානම් බව, බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තරික් අහ්මඩ් පවසනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා තරික් අහ්මඩ් මහතායි. ට්විටර් සටහනින් ඔහු පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික හා ආරක්ෂක තත්වය පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවයි. එහිදී සාමකාමී විරෝධතා, මාධ්‍ය නිදහස, මානව හිමිකම් හා යුක්තිය පිළිබඳ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද සිය අවධානය යොමු වූ බව, ට්විටර් පණිවුඩයේ දැක්වෙනවා.

    Latest News