ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුව...

ජූලි 29, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අතර හමුවක්, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

    ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමූ හල්ටන් මහත්මිය, කරුණු කිහිපයක් පිළිබඳ පුළුල් සාකච්ඡාවක නිරත වුණා. ආර්ථික ප්‍රකෘතිමත් භාවය සහ දේශපාන ස්ථාවරත්වය සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හල්ටන් මහත්මියව දැනුවත් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ වගවීම හා මානව හිමිකම්වලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බවයි, රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි කියා සිටියේ. ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට මහ කොමසාරිස්වරිය සහතික වුණා.

    Latest News