ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී....

ජූලි 30, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගත්තා.

    ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා දළදා සමිදුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංගදෑල මහතා විසින්. දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සමරු සටහනක් ද තබනු ලැබුවා. ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on සෙනසුරාදා, 30 ජූලි 2022 17:22

    Latest News