ජනපතිට පාකිස්ථාන ජනපතිගෙන් සුබ පැතුම්

අගෝ 01, 2022

    ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි (ArifAlvi) මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් එක් කර ඇත.

    ජනාධිපතිතුමා වෙතඅද (01) විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්ථාන ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බවයි.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව, පවතින ආර්ථික අභියෝග ජය ගනු ඇති බව සඳහන් කරන අරීෆ් අල්වි මැතිතුමා ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉතා සමීපව කටයුතු කරන බව ද සඳහන් කර ඇත.

    Latest News