මධ්‍යම කඳුකරය ආශ්‍රිතව තද වැසි; ප්‍රදේශ රැසක පහත් බිම් යටවෙයි...(වීඩියෝ)

අගෝ 01, 2022
  • නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමග අද සිට ඉදිරි දින කිහිපයේදී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ නිරිතදිග කොටසේත්, වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ යන පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 තද වැසි ද බලාපොරොත්තු විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද තද වැසි ඇදහැලුණා. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Last modified on සදුදා, 01 අගෝස්තු 2022 19:33

    Latest News