ගලුමුවදොර සහ ඊට ආසන්න ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් සහ භෝග වගා ඉවත්කරගන්නැයි පොලිසිය දැනුම්දෙයි...

අගෝ 03, 2022

    ගලුමුවදොර පිටිය සහ ඊට ආසන්න ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් සහ භෝග වගා ලබන 05වනදා සවස 05ට පෙර ඉවත්කරගන්නැයි,  එහි රැඳී සිටි විරෝධතාකරුවන්ට පොලිසිය අද දැනුම් දුන්නා. 

    මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමිකිරීම වහාම නවතාලන ලෙසයි පොලිසිය දැනුම්දී ඇත්තේ. රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ විවිධ ඉදිකිරීම් දක්නට ලැබෙනවා.  එම ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයින් අනවසර ඉදිකිරීම් සහ භෝග වගා ඉවත්කරගත යුතු බවයි, පොලිස් නිවේදනයේ දැක්වෙන්නේ. ‍

    රටේ පවතින නීතියට අනුව,  මහජනයාට පීඩාවක් නොවන අයුරින් කටයුතු කළ යුතුයි. එම උපදෙස් අනුව,  කිසිවෙකු ක්‍රියා නොකරන්නේ නම්, නිත්‍යානුකූලව පියවර ගන්නා බවද කොටුව පොලිස් ස්ථානාධිපති මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. 

    Latest News