වරාය අධිකාරිය නව ටග් යාත්‍රා දෙකක්...

අගෝ 13, 2022

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය නව ටග් යාත්‍රා දෙකක් මිලදී ගැනීමට පියවර ගෙන තිබෙනවා‍‍.

    ඊට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ලංකා වරාය අධිකාරියේ නිලධා‍රින්ට ඊයේ (13) උපදෙස් දුන්නා.  අමාත්‍යවරයා ඊයේ කොළඹ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණයකට එක්වූ අතර මේ බව දැනුම් දුන්නේ එම අවස්ථාවේදී. වරාය පරිශ්‍රයට සේන්දු වන විශාල නෞකා ජැටිය දක්වා හැසිරවීම සිදු කරන්නේ ටග් යාත්‍රා මගින්. ටග්‍ යාත්‍රා මිලදී ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව වරාය වෘත්තිය සමිති සහ නිලධාරින් තොරතුරු ලබා දී තිබෙනවා. වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීමට මෙමගින් හැකි වනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.  

    Latest News