පාසල් හෙට (15) සිට සාමාන්‍ය පරිදි...

අගෝ 14, 2022

    රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව සතියේ දින පහේම පෙරවරු 7.30 සිට පස්වරු 30 දක්වා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනු ඇති. ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශවල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා ඊට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා සියලුම පළාත් බලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

    සඳුදායින් ආරම්භ වන පාසල් සතිය තුළ ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් හා සිසුන් සදහා විදුහල්පතිවරුන් විසින් සුදුසු පරිදි සහන ලබාදිය යුතු අතර එම ක්‍රමවේද පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් මගින් විදුහල්පතිවරුන් දැනුවත් කෙරෙනු ඇති. ඉදිරි තෙමසක පාසල් කාලය විෂය ඉගැන්වීම සඳහාම යොදාගත යුතුයි. විෂය සමගාමි සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිභාහිරව සිදුකිරීමටත්, උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් නිලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

    Latest News