කෝටි 20ක රන් බිස්කට් තොගයක් කටුණායකදී අත්අඩංගුවට...

අගෝ 17, 2022

    ‍රුපියල් කෝටි 20කට අධික රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොලින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ  ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද (17) උදේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වැටලීම සිදුකර ඇත්තේ, ගුවන් තොටුපොල රේගු නිලධාරීන් විසින්. කිලෝ නවයහමාරක් බරැති රන් බිස්කට් 89ක තොගයක් මෙරටට රැගෙනවිත් අත්තේ, අද උදේ ඩුබායි සිට පැමිණි ගුවන්යානයකින්.  රන් බිස්කට් තොගය සිය ගුවන් මලුවල සඟවාගෙන පැමිණි ශ්‍රී ලාංකිකයෙකු අනතුරුව, රන් බිස්කට් තොගයෙන් භාගයක් ගුවන් තොටුපොලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක වෙත බාරදී ඇති බවයි, වාර්තා වන්නේ. පසුව ඔවුන් දෙදෙනා ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණීමේදී එහි රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Latest News