නව ගමනක ආරම්භය සඳහා ආශිර්වාද ලබාගැනීමට ඩලස් ඇතුළු පිරිසක් අනුරාධපුරයට...

අගෝ 20, 2022

    ඩලස් අලහප්පෙරුම හා ජී.එල්. පීරිස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් අද (20) උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ හා රුවන්වැලි සෑය ඇතුළු විහාරස්ථාන වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

    නව ගමනක ආරම්භ සඳහා මෙලෙස ආශිර්වාද ලබා ගත් බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා පවසන්නේ.  ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ රුවන්වැලි සෑ රදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රුවන්වැලි සෑ විහාරාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

    Latest News