පෞද්ගලික බස් 100කට නීතිමය ක්‍රියාමාර්ග

අගෝ 21, 2022

    නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස්රථ 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    දීපව්‍යාප්තව කළ වැටලීම්වලදී මෙම බස් රථ හඳුනාගත් බවත් නියමිත ගාස්තුවට වැඩියෙන් අය කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම හා ප්‍රවේශපත් නිකුත් නොකිරීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේය.

    එවැනි සිදුවීම් පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

    Latest News