සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ඇරඹෙයි

අගෝ 21, 2022

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    අමාත්‍යවරයා පවසන්නේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 40ක් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බවයි.

    ඒ අනූව බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් මේ වනවිට ගොඩබාමින් පවතින අතර තවත් මෙට්‍රික් ටොන් 120,000ක් ලබන සතියේ පැමිණීමට නියමිත බවත්, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    Sapugaskanda 900px 22 08 21

    Latest News