භූමිතෙල් සිල්ලර මිල සංශෝධනය කෙරේ

අගෝ 23, 2022

    භූමිතෙල් සිල්ලර මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, භූමිතෙල් ලීටරයක් රුපියල් 253 කින් ඉහළ දමා ඇති බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදියි, මෙම මිල සංශෝධනය කර ඇත්තේ.

    ඒ අනුව, රුපියල් 87 ක්ව පැවති භූමිතෙල් ලීටරයක් රුපියල් 253 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 340 ක් වන බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

    Latest News