අපේ ප්‍රශ්න අපටම විසඳාගන්න අවස්ථාව අප සකස් කර ගත් බවත් අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට අගතිදායක කිසිදු නීතියක් සම්මත කිරීමට ක්‍රියාකර නැති බවත් තිලක් මාරපන මහතා අවධානරය කර සිටියේය.
ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලාංකීය ජාතිය කිසිවිටෙක කොන්වීමට ඉඩ නොතබන බවත් අපේ ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කරගැනීමට සමත් වූ බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.
අපේ ප්‍රශ්න අපටම විසඳාගන්න අවස්ථාව අප සකස් කර ගත් බවත් අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට අගතිදායක කිසිදු නීතියක් සම්මත කිරීමට ක්‍රියාකර නැති බවත් තිලක් මාරපන මහතා අවධානරය කර සිටියේය.
අමත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ, ජිනීවා මනව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කෙරෙන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවර කුමක්දැයි විමසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා "මහින්ද රාජපක්ෂ මතිතුමාගේ ආරාධනයෙන් ම එක්සත් ජාතීන්ගේ මහලේකම් බන්කිමූන් මහතා 2009 වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණා. ඉන් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පශ්චාත් යුද සමයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සංහිඳියාව හා වගවීම සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට එකඟ වුණා.
එතැනින් නොනැවතී එවකට රජය 2009 වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරලා,කවුන්සිලයේ බෙදීමක් ඇති කරමින් එම යෝජනාව ඡන්දයකින් සම්මත කරගත්තා. එම යෝජනාවේ අන්තර්ගත ගැන බැලුවොත්, එවකට රජය බන්කිමූන් මහතා සමඟ එකඟ වූ ප්‍රකාශයත් ඊට ඇතුළත් බව.
13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් මේ අන්තර්ජාතික යෝජනාව ඇතුළත් කර තිබුණා. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරමින් දේශපාලන විසඳුමක් හරහා සදාකාලික සාමය සංහිඳියාව ඇතිකිරීමටත් සියල්ලන්ගේ ම මානව හිමිකම් සුරැකීමට පියවර ගැනීමටත් මේ යෝජනාව මඟින් එකඟ වී තිබුණා. එවකට රජය උගත් පඩම් කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් 2012, 2013, 2014 යන වසරවල ශ්‍රී ලංකා රජයේ විරෝධය මධ්‍යයේ යෝජනා තුනක් මානව හිමිකම් කවුන්සිලයෙන් සම්මත වුණා.අවසානයේ 2014 වසරේ දී සම්මත වූ යෝජනාව තුළින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව පිළිබඳව විදේශීය විමර්ශනයක් පත් කිරීම ද සම්මත වුණා.
2015 ජනාධිපතිවරනයේ ප්‍රතිඵලය නැතිව එම යෝජනාව ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වූවා නම්,මෙම විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආර්ථික සම්බාධක මෙන් ම වෙනත් අන්තර්ජාතික පියවර ගැනීමට බොහෝ සේ ඉඩ තිබුණා.
2015 ජනවරි ජනාධිපතිවරණයෙන් පසුව පත් වූ රජය විසින් දින 100 වැඩපිළිවෙල අනුව දේශීය ක්‍රියාදාමයන් හරහා රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට ප්‍රතිඥ්ඥා දීම තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තර්ජාතික පියවර ගැනීමට සිටි ඉඩප්රස්ථා සියල්ලම නතර වුණා.
අපේ ස්වාධීනත්වය,ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කරගැනීමට අප සමත් වුණා. අපේ ප්‍රශ්න අපටම විසඳාගන්න අවස්ථාව අප සකස් කර ගත්තා.අපේම ජනතාව වෙනුවෙන් අපිම පෙනී සිටිමින් පුළුල් සාකච්ඡා මාර්ගයකින් දසක ගණනාවක් විසඳුමක් නති ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට දේශීය ක්‍රියාදාමයක් හා දේශීය යාන්ත්‍රණ පිහිටුවීමට අප දේශීය රජයක් වශයෙන් අපේ වගකීම අප බාරගන්නවා.
මෙම ක්‍රියාමාර්ග තුළින් අපේ රටට අපේ සන්නද්ධ හමුදාවේ නිලධරීන්ටත් හෝ අපේ ජනතාවට කිසිදු හානියක් වන ආකාරයෙන් ක්‍රියාකර නැති බව අවධරණය කිරීමට කැමතියි.අපේ ප්‍රශ්න අපටම විසඳාගැනීමට හැකි ස්වාධීනත්වය හා සෛවරීභාවය තහවුරු කිරීම පමනයි.අප අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට අගතිදායක කිසිදු නීතියක් සම්මත කිරීමට ක්‍රියාකර නෑ.
මහකොමසරිස් වාර්තාව 20 වැනිදා අරගන්නවා. එහි සැම කරුණක් ම අපි පිළිගන්නේ නෑ.ඉඩම් සියයට 90ක් බාරදී තිබෙනවා. අප කරගෙන යන ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්න තව අවුරුදු දෙකක් අරගෙන තිබෙනවා. මේ යෝජනාවේ අප පසුගිය වසර දෙක තුනේ කළ දේවල් ඉදිරිපත් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.