ධානිෂ් අලි ඇතුළු පිරිසකට ඇප

අගෝ 26, 2022

    ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි , ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙම නියෝග නිකුත් කළා

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින ළහිරු වීරසේකර හා තවත් සැකකරුවෙක් අද අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන් ද රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරුණා.

    ඇප නියම වූ සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ ලෙසත් මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කර සිටියා.

    ඇප ලැබීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරුදින කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ට වාර්තා කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට නියෝග කළා.

    ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට අලාභහානි කිරීම ඇතුළු චෝදනා මත මේ වන විට කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද අධිකරණය හමුවේ අනාවරණය වුණා.

    එහි සැකකරුවන් වශයෙන් නම් කර සිටින පියත් නිකේෂල , ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු සැකකරුවන් තිස් පස් දෙනෙක් මේ වන විට ඇප මත මුදා හැර සිටින අතර ඔවුන් ද අද අධිකරණයේ පෙනී සිටියා.

    Latest News