සේවක අර්ථසාධක අරමුදලෙන් ක්‍ෂණික දුරකථන අංකයක්...

අගෝ 26, 2022

    සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ලබා දෙන සේවාව පහසු කිරීමට  කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

    එය ලබන පළමු වැනිදා සිට ක්‍රියාත්මකයි.  මේ අනුව, සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ අයඳුම්පත් බාර දීමට හා සේවා යෝජක ලියාපදිංචියට දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමට ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 1958 අංකය අමතා ප්‍රතිලාභීන්ට සිය තොරතුරු යොමු කළ හැකියි. සාමාන්‍ය ප්‍රතිලාභ අයඳුම්පත් මෙන්ම සියයට 30 ප්‍රතිලාභ අයඳුම්පත් සහ මිය ගිය සාමාජිකයාගේ උරුමකරුවන්ගේ ප්‍රතිලාභ අයඳුම්පත් සඳහා මෙම අංකයෙන් පහසුකම් සැලසෙනවා.

    සේවා යෝජකයන් ලියාපදිංචි කිරීමේ අයඳුම්පත් බාර දීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමේ ක්‍රමවේදය ලබන 5 වැනිදා සිට ක්‍රියාත්මකයි. 1958 අංකය ඇමතීමෙන් හෝ appointment. labourdept.gov.lk යොමුව මගින් අවශ්‍ය සේවාව ලබා ගැනීමට දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකියි. සේවක ආර්ථ  සාධක අරමුදලට අදාළ මෙම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන් දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය බව, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා දැනුම් දුන්නා. 

    Latest News