එය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගන්වනු ලැබුවා. ලොව පළමු නිල තැපැල්පත නිකුත් කර ඇත්තේ ඕස්ට්‍රියා-හංගේරියානු තැපැල් පරිපාලනය විසින් 1869 වසරේදී. බ්‍රිතාන්‍යයේ පළමු තැපැල්පත 1870 වසරේදී නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු තැපැල් පත 1872 දී නිකුත් කිරීම, පළමු තැපැල්පත නිකුත් කර ලද ලොව රටවල් අතර ප්‍රමුඛස්ථානයට ශ්‍රී ලංකාව පත්වීමට හේතුවක්.
1872 සැප්තැම්බර් පළමු වැනි දින මෙරට පළමු තැපැල්පත නිකුත් කළ බව සඳහන්. එය ශත දෙකක වටිනාකමින් යුත් මුද්දරය වික්ටෝරියා රැජිනගේ උඩුකය රූපයක් සමගින් සටහන් කර තිබෙනවා. මෙම විශේෂ සමරු තැපැල්පත් 1000ක ප්‍රමාණයක් නිකුත් කෙරෙන අතර එය රුපියල් 300ක මිලකට ලබා ගත හැකියි. විශේෂ සමරු තැපැල්පත පළමු තැපැල්පතේ ඡායාරූපයක් සහිතව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මගින් නිකුත් කෙරෙනු ඇති. ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.