ඒ අනුව, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්රදේශ වලට, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්රදේශ සහ රත්මලාන සහ කටුබැද්ද යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි, එම මණ්ඩලය සඳහන් කරන්නේ. අඹතලේ පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුවන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.