ඊට අදාළ ගිවිසුමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ නිල භාෂා අධ්‍යයන ආයතනය අතර අද (02) අත්සන් තැබුණා. එම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහ නිල භාෂා අධ්‍යයන ආයතනයේ සභාපති චූලන් කුමාර රත්නායක යන මහත්වරුන් විසින්. අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ, භාෂා හැදැරීමට සඳහා හෙද හෙදියන් 1400කට ආසන්න පිරිසකගෙන් ඉල්ලුම්පත් ලැබී ඇති බවයි.