බිනර පුර පසළොස්වක පෝය අද...

සැප් 10, 2022

    භික්ෂුණි ශාසනය ආරම්භ කිරීම ඇතුළු වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර ‍පුර පසළොස්වක පෝය අදයි.

    සෑම විහාරස්ථානයකම අද දවස පුරා දාන, ශීල, භාවනා වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.  මහා ප්‍රජාපති ගෝතමි ඇතුළු 500ක් කාන්තාවන් අෂ්ඨ ගරු ධර්ම පිළිගැනීමෙන් පසු භික්ෂුණි ශාසනය පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළේ, බිනර පෝය දිනකයි. භික්ෂු, භික්ෂුණින් වහන්සේට අප්‍රමාද වීමේ අගය පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ "වණ්ණා" සුත්‍රය දේශනා ‍කළේ ද, අද වැනි පෝය දිනක බව, ශාසන ඉතිහාසයේ සඳහන්.  

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සද්ධර්ම වර්ෂා පොහොය ආගමික  වැඩසටහන් අද සවස පුරා සජීව ලෙස විකාශය කරන්නේ, බම්බලපිටිය වජිරාම විහාරස්ථානයේ සිටයි. අටසිල්, බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, පූජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් මීට ඇතුළත්.

    Last modified on සෙනසුරාදා, 10 සැප්තැම්බර් 2022 12:42

    Latest News