මත්තල දී පුපුරන ද්‍රව්‍ය සමඟ 02 ක් මාට්ටු

මාර් 15, 2019

    අණ නොතකා ගමන් කල කැබ්රථයක් ලුහු බැද ගොස් අත්අඩංගුවට ගැනීමේදී නීති විරෝධී අන්දමින් ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

    අද (15)පෙරවරු 9ට පමණ හම්බන්තොට පහල අන්දරවැව මත්තල ගුවන් තොටුපල මාර්ගයේ ගමන් කරමින් තිබූ මහේන්ද්‍රා වර්ගයේ කැබ් රථය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. එම කැබ් රථය තුල තිබූ විදුලි ඩෙටනේටර් 100ක්, අධි බලැති පුපුරන ද්‍රව්‍ය වන ජෙලනයිට් කරල් 196ක් සහ ඇමෝනියම් නයි‍ට්‍රේට් කිලෝග්රෑම් 25 බැගින් වු මලු 09ක් සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සූරියවැව, වලසපුගල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් අද (15) පෙරවරුවේ හදිසි රථ වාහන සෝදිසි මෙහෙයුමක නිරතව සිටියදී මෙම කැබ් රථය සමග පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

    Latest News