කොළඹ වරායේ බටහිර පර්යන්ත‍යේ පළමු අදියරේ මෙහෙයුම්  2024 වර්ෂයේදී...

සැප් 13, 2022

    කොළඹ වරායේ බටහිර පර්යන්ත‍යේ පළමු අදියරේ මෙහෙයුම්  2024 වර්ෂයේදී ක්‍රියාත්මක කරන බව, කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත සමාගම පවසනවා.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. එමෙන්ම, ව්‍යාපෘතියේ සම්පූර්ණ වැඩ 2025 වසරේදී නිම කිරීමට අපේක්ෂිතයි. සමස්ත ව්‍යාපෘතියේ පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 700 ක්. මීටර 800 දිග හා මීටර 20 ක් ගැඹුරින් යුතු නැංගුරම් පොළක් පළමු අදියර යටතේ ඉදි කෙරෙනවා. මෙහි, බහාලුම් ලක්ෂ 16 ක් පමණ මෙහෙයවිය හැකියි. ප්‍රධාන පාලක මැදිරියක සිට දොඹකර දුරස්ථ පාලක ක්‍රමයට මෙහෙයුම් කිරීමට හැකි පරිදි යාවත්කාලීන කිරීම මෙහි තවත් විශේෂත්වයක්.

    Latest News