ආසියාවේ ශූරයින් ජනපතිගේ ඇගයීමට

සැප් 17, 2022

    ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුළු ආසියාවේ ශූරයින් වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උළෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ සින‍මන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. 

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, දැල් පන්දු කණ්ඩායම හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් ලැබූ පිරිස් මෙහිදී ඇගයීමට ලක් කෙරිණ.

    ඒ අනූව ජයග්‍රාහී කණ්ඩායමේ සෑම දැල්පන්දු ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2 බැඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදී තිබෙනවා.

    මීට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය රිදී පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන 10 ක්, ලෝකඩ පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන 5 ක් සහ පුහුණුකරුවන්ට ක්‍රීඩා අරමුදලින් 25% ක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

    එමෙන්ම, අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ක්‍රිකට් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක චෙක්පතක් ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ.

    Last modified on සෙනසුරාදා, 17 සැප්තැම්බර් 2022 09:26

    Latest News