යුද සමයේදී වළ දැමූ ආයුධ තොගයක් සොයාගැනේ...

සැප් 17, 2022

    එල් ටී ටී ඊ සාමාජිකයින් වාකරේ කදිරවේලි ප්‍රදේශයේ කඳවුරක් තුළ එවක වලදමා තිබූ ආයුධ තොගයක් ඊයේ  (16) සොයාගැනුණා.

    ඒ, යුද හමුදා බුද්ධි අංශ සහ වාකරේ පොලිසිය විසින්. ගුවන් යානා නාශක පතොරම් 200ක්, එල්.එම්.ජී. පතොරම් 750ක්, ටී 56 පතොරම් පෙට්ටියක්, පුද්ගල නාශක බෝම්බ 01ක්, මෝටර් ඩෙටනේටර් 14ක් සහ මෝටාර් චාජර් 14ක් මීට අයත්.  

    Latest News