ජාතික රූපවාහිනියෙන් "ජාතික රංගන පාසලක්" (වීඩියෝ)

සැප් 17, 2022
  • ජාතික රූපවාහිනිය ජාතික රංගන පාසලක් ආරම්භ කර තිබෙනවා.

    රංගනයට කැමති ඕනෑම අයෙකුට එහි පාඨමාලා හැදෑරිය හැකියි.  "ද ඇක්ටින් ඇකඩමි" රංගන පාසල සඳහා  පසුගිය දිනවල අයඳුම්පත් කැඳවනු ලැබුවා. අයඳුම්පත් 1000කට ආසන්න සංඛ්‍යාවක් ඊට ලැබී තිබෙනවා. පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශ විසින්.

    ප්‍රවිණ දේශකයන් පිරිසකගේ සම්පත් දායකත්වය ඊට ලබා ගැනෙනවා. "ද ඇක්ටින් ඇකඩමි" රංගන පාසලේ සමාරම්භක උත්සවය රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් අද (17) උදේ පැවැත්වුණා.  පාඨමාලාව සඳහා බඳවාගැනීමට ලබන 26 වනදා සිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ, විද්වත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ.

    පළමු අදියර සඳහා 100 දෙනෙකු තෝරාගැනීමට නියමිතයි.  ‍පාඨමාලාව තුළින් දක්ෂතා දක්වන්නන් ජාතික රූපාවාහිනිය විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙලි නාට්‍යයන් සඳහා තෝරාගැනීම නියමිතයි. රංගන පාසල තුළින් අඛණ්ඩව පාඨමාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

    Last modified on සෙනසුරාදා, 17 සැප්තැම්බර් 2022 19:00

    Latest News