ඒ නිමිත්තෙන් සංවිධාන කළ සැමරුම් උත්සවයක් කොළඹ මහාබෝධි විහාරයේදී පැවැත්වුණා. මෙරට නිදහස් සටන වෙනුවෙන් පෙරමුණ ගත් අනගාරික ධර්මපාලතුමා බෞද්ධ ප්‍රබෝදය සඳහා ප්රමුඛ කාර්යභාරයක් සිදු කළා. එතුමන්ගේ ජන්මදින සැමරුම් උත්සවය පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, බුදු දහමේ ආරක්ෂාවට මගපෙන්වීම කළ දැවැන්තම නායකයා අනගාරික ධර්මපාලතුමා බවයි.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.