ජනපති හෙට රැජිනට අවසන් ගෞරව දක්වයි

සැප් 18, 2022

    දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය බලා ඊයේ පිටත්ව ගියේය. රාජකීය අවමංගල්‍යය උත්සවයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි.    

    එලිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන් යුවලකගේ දරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වෙයි. 

    මීට සමාන ඉතිහාස කතාවක් ඇති රජ පවුලේ සාමාජිකාවක ලෙස නෙදර්ලන්ත හිටපු රැජිනය වන බිට්‍රික්ස් කුමරිය වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාපියන් වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 වසරේ පෙබරවාරි මස පැවති එළිසබෙත් මහ රැජිනගේ කිරුළ පැලැඳීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූයේ, එවක අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා සමගින්. 

    එසේම, බිට්‍රික්ස් කුමරියගේ මාපියන් ද රාජකීයයන් ලෙස රාජාභිෂේකයට සහභාගී වී තිබේ.  

    ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ පළමු වැන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වනු ඇති. වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන ප්‍රථම නිල විදෙස් චාරිකාව ද  මෙයයි. 

     

    Last modified on ඉරිදා, 18 සැප්තැම්බර් 2022 14:58

    Latest News