ආයතන 3ක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

සැප් 18, 2022

    අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, ඇතුළු ආයතන තුනක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පවරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යන ආයතන ඒ අනූව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විෂය පථය යටතට පැවරෙනු ඇති.

    මෙතෙක් එම ආයතන මුදල් අමාත්‍යාංශය විෂය පථයට ඇතුළත්ව තිබුණි.

    මෙම ගැසට් නිවේදනය අනුව ආදේශකයින්ට පුරවැසිභාවය ප්‍රධානය කිරීමේ විශේෂ විධිවිධාන පනත ක්‍රියාත්මක කිරීමේ බලය පැවරෙන්නේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයටයි.

    අදාළ ගැසට් නිවේදනය පහතින්

    file:///C:/Users/Editors/Downloads/2297-78_S.pdf

    Last modified on ඉරිදා, 18 සැප්තැම්බර් 2022 11:39

    Latest News