අද රජයේ විශේෂ නිවාඩු දිනයක්

සැප් 19, 2022

    අද(19) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    බිත්‍රාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි,රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේ.

    කෙසේ වෙතත්, එය බැංකු හා වෙළඳ නිවාඩුවක් නොවන බව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කළේය. 

    ඒ අනූව, අද දිනයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් සේ සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

    Latest News