කොල්ලුපිටිය – කොම්පඤ්ඤවීදිය අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට

සැප් 19, 2022

    කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.

    පසුගියදා කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිළි පැනීමෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවිය. ඒ හේතුවෙන් කොළඹ කොටුවේ සිට වැල්ලවත්ත දක්වා දුම්රිය ධාවනය සිදුවූයේ එක් මාර්ගයක පමණි.

    මේ වනවිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Latest News