රජය සතු ව්‍යවසායකන්හි විශ්‍රාම වයසේ සංශෝධනයක්

ඔක් 04, 2022

    රජය සතු ව්‍යවසායකන්හි සේවය කරනු ලබන සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 වශයෙන් සංශෝධනය කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල‍යේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව, ‍2023 ජනවාරි  පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ, උපදෙස් නිකුත් කිරීම පිණිස, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන්, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි, අනුමැතිය ලැබුණේ.

    මෙය, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද, 2022 අතුරු අයවැයෙන් ගෙනෙන ලද යෝජනාවක්. 

     

    Latest News