ඒ අනුව, ආධාර තොගයක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයේදී අද (04) සංකේතාත්මකව සිදු කෙරුණා. මෙරට දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන්හි ඉගෙනුම ලබන ස්වාමීන් වහන්සේ සහ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ මීට ඇතුළත්. අදාල ආධාර තොගය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත මෙහිදී සංකේතාත්මකව බාරදෙනු ලැබුවා.
ඉදිරි දින කිහිපය තුළ තෝරාගත් පිරිවෙන් සඳහා එම අධ්‍යාපන උපකරණ බෙදා හැරීමට නියමිතයි. සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කරදෙටියාන ගුණරතන, පූජ්‍ය මහමෙව්නාවේ මංගල යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියා.
සිංගප්පූරුවේ නියෝජිතයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වුණා. සමන් ඒකනායක මහතා, අග්‍රාමාත්‍ය ලේකම්වරයාව කටයුතු කළ සමයේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානය මෙරට පිරිවෙන් සඳහා ආධාර උපකාර කිරීමට අවස්ථාවක් දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව අද එම අවස්ථාව සැලසී තිබෙනවා.