නවකවදය සිදුකරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් - විශ්විවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

ඔක් 04, 2022

    විශ්වවිද්‍යාල තුළ නවකවදය සිදුකරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ යුතු බව විශ්විවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. 

    එහි සභාපති සම්පත් අමරතුංග මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ,   ඊට අවශ්‍ය, නවක වද පනත වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.   විශ්වවිද්‍යාලවල සියයට 99 ක්ම නවක වදයට ලක්වන්නේ, නේවාසිකාගාර ආශ්‍රිතව බව හෙළි වී තිබෙනවා.   විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවන්නේ, අතලොස්සකගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජාතික වටිනාකමක් ඇති උසස් අධ්‍යාපන ආයතන සමාජය තුළ හෑල්ලුවට ලක් වන බවයි. 

    මීට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත්ව නවක වද පනත පාර්ලිමේන්තු පනතක් ලෙස එළිදක්වා තිබෙනවා.  ඒ අනුව, නවකවදය ලබාදෙන ඕනෑම අයෙකුට ඇප ලබාදීම නිෂ්ඵල වනු ඇති.  එවැනි දඩුවමක් වර්තමානයේ නොලැබීමට හේතුව, ඔවුන් පොලිස් ඇප මත නිදහස් වීම බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ. 

    මීට වසර දෙකකට පෙර එම කොමිසම, නවකවදය හේතුවෙන් විශ්වවිද්‍යාල වරම් අහිමිවූ දරුවන්ගේ ගැටලු පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් ද පත් කළා.   එමගින් සිසුන් 50 කට පමණ වෙනත් විශ්වවිද්‍යාල වෙත ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දී තිබෙනවා.  සියලුම උපකුලපතිවරුන් අවධාරණය කර ඇත්තේ, නවකවදයට තුරන් කිරීමට ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවටයි.  

    Latest News